Tuesday, November 26, 2013

මවු නුවනින් සැමදා තෝරන්නේ...??


මිහිමත සියල්ල නිර්මාණය වන්නේ මවගේ කිරි වලින් හා හිරුගේ රශ්මියෙන් යැයි සුප්‍රසිද්ද ලේකකයෙකු වූ මැක්සිමම් ගෝර්කි වරක් පැවසීය.සැබෑ ලෙසම මෙහි සත්‍යයතාව අපට වටහා ගත හැකිය.අපි එසේ සිතන්නේ ලාංකේය සමාජය පමණක් නොවෙයි,දසත වෙසෙන සියලුම මවුවරුන් විසින් ලෝකය නිර්මාණය කරන්න මුලික අඩිතාලම දැමීම තම කාර්යයේ එක අනිවාර්ය කොටසක් ලෙස සිතන බැවිනි.
                      

අප සමාජයේ ඉදිරියට ගෙන යනු ලබන සියල්ල පිටුපස සිටින්නී අම්මාය...මතක් කර ගන්න..ඔබත් ජීවය ලබා ගත්තේ ඔබගේ මවූ කිරි වලින් නොවේද?..ලොව සිටින උතුම්ම ජීවය නම් අපේ අම්මාය”....ඔබ මෙලොව එලිය දුටු දවසේ පටන් ඇගේ ලේ කිරි උනේ සෙනෙහස නිසා නොවද???....
         ව්‍යාජ ප්‍රාතිහාර්ය පාන ළදරු කිරි පිටි දැන්වීම් ඔබ කොතෙකුත් දැක ඇති.නමුත් ළදරු කිරිපිටි ගැන මේ කිරිපිටි සමාගම් හා වෙළද ප්‍රචාරණ ආයතන පතුරුවන්නේ දැවැන්ත මිත්‍යාවක් බව ජනතාවාදී වෛද්‍යවරුන් ඇත ලොස්සක් පවසනු අප අසා දැක තිබෙනවා.කෙසේ වෙතත් මගේ මේ කතාව ගොන් කිරි ගැන නෙමෙයි...අපිට ජීවයක් වෙච්ච මවු කිරි ගැනයි..සැබවින්ම ප්‍රතිහාර්යයන් පාන මවු කිරි ගැන.
                   ඔබ දන්නවද මවු කිරි බොන දරුවන් තුල මානසිකව දරා ගැනීමේ ශක්තිය ගොඩ නැගෙන බව?.මෙය බ්‍රිතාන්‍යයේ සිදු කෙරුණු අද්‍යයනයකින් හෙළි වී තියෙනවාමවු කිරි දීමේදී දරුවා සහ මව අතර ගොඩනැගෙන කායික හා මානසික බන්දනයද ඒ සදහා හේතු වෙනවා.මවු කිරි බොන මුල් මාස හය තුලදීම බිලිදු දරුවා එම ශක්තිමත් බාවයේ අඩිතාලම දමා ගන්නවා.
ස්වීඩනයේ ස්ටෝක්හොම්හි කරෝලිනිස්කාආයතනය 9000ක නියැදියක් ඇසුරෙන් කල අද්‍යනයකට අනුව කුඩා වියේදී මවු කිරි ලද දරුවන් මවු කිරි නොලද දරුවන්ට වඩා හතර ගුණයකින් පමණ මානසික ශක්තිමත් බාවය අතින් ඉහලින් සිටින බවත් හෙළි වී තිබෙනවා.ඒ වගේම මවු කිරි මගින් ආසාදන,හෘද රෝග,දියවැඩියව හා තරබාරු බව පාලනය කෙරෙන බව හෙළි වී තිබෙනවා.

වෙළද උපක්‍රම වලට රැවටී,හැකි ඉක්මනින් තම තැන පුඩුව ළදරුවාගේ මුවින් මුදවා සූප්පුවෙ ළදරු කිරි පිටි පොවන්නට උත්සුක වන අම්මලට ඒ ගැන 2වරක් සිතන්නට කාලයත් අවස්ථාවත් ඇවිත්.

4 comments:

  1. ගොඩක් වටින කතාවක් ජනක.
    දැන් සමහර අම්මලා රූපෙ ගැන හිතලත් මවු කිරි දෙන එක මග හරිනවනෙ.
    ඒත් අම්මලා නේද කියලා වෙලාවකට හිතෙනවා. එහ්හෙම බලත්දි අපෙ අම්මලා දේවතාවියො.

    ReplyDelete
    Replies
    1. තන්කු අය්යේ....අපේ අම්මල තමා ඇත්තම අම්මලා...අනිත් අය අම්මල නෙමේ සුම්මලා...

      Delete
  2. හොද ලිපියක් මල්ලි
    පිරිමි ළමයෙක් විදියට මෙවැනි ලිපියක් ලිවිම ගැන ආඩම්බරයි .. දිගටම හොද දේවල් ලියන්න , මවුකිරි වල ලොකු ප්‍රතිශක්තියක් තියෙනවා ,, මව් කිරි බොන අව්සස්තාවේ මවත් දරුවත් අතර ඇස් වලින් ඉතා කිට්ටුව දකිමින් ඇතිවෙන ඒ බැදීම දරුවාට ගොඩක් දේ කියාදෙනවා

    ReplyDelete
    Replies
    1. තැන්කියු අක්කියෝ...ඔවු ඇත්ත.... මවු කිරි තරං නං ඔය 1 ගොන් කිරි ජාතියකටවත් බැ,පරිපුරණ මිනිහෙක් බිහි කරන්ඩ...

      Delete