Monday, October 28, 2013

ආදරය



මේක කතා කරන්ඩ බැරි තරම් ලොකු මාතෘකාවක්..ඒත් කාටහරි කියන්ඩ පුලුවන්ද මේකයි ආදරේ කියල...කිව්වත් හැමෝගෙම උත්තරේ එකක් වෙන්නෙත් නෑ...එක එක එක්කෙනා වෙනස් උත්තර තමා දෙන්නෙ.මං මේක ලියන්ඩ ප්‍රදාන හේතුවක් වුනෙ මගේ යාලුවෙක් ලියල තබුන status 1ක් හින්ද.

ඇත්තම කිව්වොත් ලෝකේ ආදරේට කරන්ඩ බැරි දෙයක් නැතුව ඇති.කෙනෙක් ජීවීතේ ලස්සන කර ගන්නවා වගේම,තව කෙනෙක් ජීවීතේම අපායක් කර ගන්නවා,මොන නැතත් මේකෙන් වෙන්නෙත් හැදෙන එකා හැදිලා නැතිවෙන එකා නැතිවෙන එක...මං නං කියන්නේ අපිට අඩුවක් නැතුව ලැබෙන එකම ආදරය තමා අපේ අම්මගෙනුයි,තාත්තගෙනුයි ලැබෙන ආදරය..එකේ විවාදයක් නැ.....මොකද අපි ලෝකේ දකින්නේ ඒ  2ගෙ ආදරය මැද්දේ හින්ද.....‍ඊටත් පස්සේ අපි තවත් අයගෙන් ඒ ආදරේ හොයන්ඩ යනවා.සමහරවිට මීට කලින් දැකලත් නැති,අදුරන්නෙත් නැති කෙනෙක්ට ආදරේ කරලා “ඒක මගේ ආදරේ කියල කියනවා.එයා කියන විදියට ඉන්න උත්සහ කරනවා, එයා ගැන හොයල බලනවා,එයාව සතුටින් තියන්න උත්සහ කරනවා...ඒත් ඒක ආදරේද?,ලෝබ කමද?,ආශාවද?..                     


ආදරේ ගැන කතා කරද්දී තව විශේෂම දෙයක් තමා මේ ආදරේට වෙන් වෙච්ච වෙනම වචන සෙට් එකකුත් කස්ටිය හදාගෙන තියනවා..ඒවයින් ටිකක් තමා“මල් කඩනවා-(පිරිමි ලමෙක් ගැහැණු ළමයෙක් සමග කතා කරන එක)..,”line දානවා-(ඉගි බිගි පෑම)..,”මේ සේරම අතරින් හොදම එක තමාboot 1-(පිරිමි ලමෙක් ගෑනු ලමෙක් අත හැරීම හෝ ගෑනු ලමෙක් පිරිමි ලමෙක් අත හැරීම.,)”ඉතිං ඔය වගේ වචන ගොඩක් “ආදර ඩික්ෂනරියට” ඇතුලත් වෙනවා...ඒත් එක්කම ආදරේ ගැන කතා කරද්දී දැන් නැතුවම බැරි දෙයක් නේ “රාගය” මං ඔය ගැන කතා කරන එක උචිත නැති හින්ද ඒ ගැන කතා කරන්ඩ යන්නේ නෑ...ඒත් ඒ ගැන දනගන්න ඕනෙමනං  හෙට බස් එකට ගොඩ වෙද්දි ටිකක් උවමනාවෙන් පිටිපස්ස ආසනය දිහා බලන්ඩකෝ........(සමහරවිට ඒ ඔයා වෙන්නත්  පුළුවන්)සමහර අය ආදරේ කරලා විදවනවා,තවත් සමහරු ආදරේ නොකර විදවනවා....කොහොම නැතත් දැන් ආදරේ හරියට sick 1ක් වගේ...දැන් නං ආදරේ හොයා ගන්න බැරි කමක් නෑ..මොකද රුපියල්-සත වලටත් ආදරේ විකිනෙනවා...තවත් අටුවා ටීකා ඕනේ නෑ...ආදරේ කරන අය සහ boot 1ක් කාපු අය දන්නවා ආදරේ මොකද්ද කියල...එතකොට ආදරේ කියන්නේ ආශාවද,නැත්තං ලෝබ කමද එහෙමත් නැත්තං රාගයද?....නැත්තං මේ සේරමද?....

No comments:

Post a Comment