Thursday, October 31, 2013

“චේ” ලියු අවසන් ලිපිය

                                    
                                                   පියෙක්,කැරලිකාරයෙක්,ගුරුවරයෙක්,දාර්ශනිකයෙක්,තම නිදහස වෙනුවෙන් මුළු ලෝකයක් අවදි කල පුද්ගලයෙක්....අවසානය කුමක් උවත් ලොවම අවදි කල ඔහු නමින් “චේ ගුවේරා”. ලොව පුරා සමාජවාදී බීජ වපුරවමින් තරුණ හදවත් ඇමතු මොහු තම ජීවිත කාලය තුල ලියපු අවසන් ලියුම ගැන තොරතුරු කීපයක් දැන් ඔබට කියවන්න පුළුවන්...

එක් මූලාශ්‍රයක දැක්වෙන්නේ චේ සිය ජීවිතයේ අවසන් වසන්ත කාලය්දී  හා ගිම්හාන කාලයේදී ආජන්ටිනවෙ වාසය කල බවයි...එමෙන්ම ඔහුගේ ආරක්ෂකයා වන “පොම්බෝ” පවසන්නේ 1996 මැයි මාසයේ චේ ස්ථීර වශයෙන්ම හවානාහි සිටි බවයි.ඔහු මේ කාලයේදී  තමන්ගේ බාහිර ස්වරූපය වෙනස් කර ගෙන දැඩි මුරකාවල් මධ්‍යයේ සිටි බවද හෙතෙම පවසයි.මේ කාලයේදී චේ හදුනා ගැනීමට ඔහුගේ දරුවන්ට පවා නොහැකි වූ බව පොම්බෝ පවසයි.

චේ ගේ පළමු විවාහයේ දියණිය “හිටිල්ඩා” ට සිය පියාගේ වෙස් වලා ගැනීම පිලිබදව මතකයක් තිබේ.ඇය පවසන්නේ තම පියාගේ විදෙස් ගමන් බලපත්‍රයේ කන්නාඩි දමා ලබා ගත් ඡායාරූපයක් අලවා තිබූ බවයි.එම රූපයේ ඔහු පයිප්පයකින් දුම් උරා බොන බවත් ඔහු උරුගුවෙ ආර්ථික විශේෂඥයෙක් මෙන් පෙනෙන බවත් ඇය පවසයි.  දියණිය පවසන්නේ මේ පුද්ගලයා සිටි නිවසට මව තමන්ව කැදවාගෙන ගිය අයුරු මතකයේ ඇති බවයි.

“ඔහු කන්නාඩි පැලදී තට්ටය සහිත අයෙකු බවත්,ඔහු ස්පාඤ්ඤ ජාතිකයෙක් බවත් ඔහු පවසා ඇත.නම “රාමොන්” ලෙස සදහන් කර ඇත.”

හිටිල්ඩා:-   දිනක් මට දැනගන්න ලැබුනා මගේ පිය මිය ගිය බව.ඒ ආරංචිය ලැබුන අවස්ථාවෙ මගේ අම්මා මා ලගට ඇවිත් එදා හමුවුන රාමොන්ගේ ඡායාරෑපයක් හා ලිපියක් මට පෙන්වූවා.රාමොන් ලෙස පෙනී සිටියේ මගේ පියා බව මං එවලේ  අම්මගෙන් දැනගත්තා...

චේ 1967 පෙබවරවාරි 01 දින හිටිල්ඩගේ 10 උපන්දිනය සදහා මෙහෙම ලිපියක් යවා තිබිණ.මෙය චේ ගේ අවසන් ලිපිය විය.

ආදරණීය හිටිල්ඩා.....
                          
                            කවර හෝ දිනකදී ඔබ මේ ලිපිය කියවන්නේ නම් ඉන් බොහෝ දුරට අදහස් වන්නේ මම  ජීවතුන් අතර නොමැති බවයි.ඔබට බොහෝ දුරට මා මතක නැතිව ඇති.ඔබගේ පිය වූ මිනිසා ඔහුගේ සිතිවිලි වලට අනුව ඉතා හොදින් ක්‍රියා කල අයෙකු වුවා.ඔහු ඇදහු,පිළිගත් දේ ගැන ඔහු දැඩි ලෙස විස්වාස කල අයෙක්....ඔබද හොද විප්ලවවාදියෙක් ලෙස වැඩෙන්න.හොදට අද්‍යනය කරන්න.එම ශිල්පීය ප්‍රරාගුණාංග මතුවට ඇත්පත් කර ගත යුතු දෙයකි.මතක තබා ගන්න ඉතාමත්ම වැදගත් දෙය වන්නේ විප්ලවයයි.ඔබ හැම කෙනෙක්ම තනි තනිව ගතහොත් එහි කිසිදු වටිනාකමක් නැතිවිය හැක.මේ සියල්ලටම වඩා ඔබ සියලු දෙනා සංවේදිවන්න.ඒ තමන්ගේ අතුලාන්තයට යන්නයි.
ඒ ලෝකයේ කවර හෝ ප්‍රදේශයක පවතින අයුක්තියට එරෙහිවයි.ඔබ සදාකාලිකවම මාගේ දරුවන්.මම නැවතත් ඔබ දකින්නට එන්නම්.
                                                          
                                                           මේ
                                                        -තාත්තා-

චේ පවසා ඇති පරිදිම මේ ලිපිය දරුවන් අත්ට පත් වන විට චේ ජීවතුන් අතර සිටියේ නැත.මෙය චේ ගේ අවසන් ලිපිය විය.        
             
                   

 පුතෙකු වූවා ඔබේ මවට....
 සොහොයුරෙකු විය ඇය හට.....
 සැමියෙකු පියෙකු වන්නට දුන්නේ නෑ....                   
රුදුරු ලෝකය නුබට.....
                                                                                    නොදුටුවත් පියවි දෑසට.....
                                                                                    පුතෙකු සොයුරෙකු වූ නුබ..... 
                                                                                    වීරයෙකි සදහට...............                            

Monday, October 28, 2013

ආදරය



මේක කතා කරන්ඩ බැරි තරම් ලොකු මාතෘකාවක්..ඒත් කාටහරි කියන්ඩ පුලුවන්ද මේකයි ආදරේ කියල...කිව්වත් හැමෝගෙම උත්තරේ එකක් වෙන්නෙත් නෑ...එක එක එක්කෙනා වෙනස් උත්තර තමා දෙන්නෙ.මං මේක ලියන්ඩ ප්‍රදාන හේතුවක් වුනෙ මගේ යාලුවෙක් ලියල තබුන status 1ක් හින්ද.

ඇත්තම කිව්වොත් ලෝකේ ආදරේට කරන්ඩ බැරි දෙයක් නැතුව ඇති.කෙනෙක් ජීවීතේ ලස්සන කර ගන්නවා වගේම,තව කෙනෙක් ජීවීතේම අපායක් කර ගන්නවා,මොන නැතත් මේකෙන් වෙන්නෙත් හැදෙන එකා හැදිලා නැතිවෙන එකා නැතිවෙන එක...මං නං කියන්නේ අපිට අඩුවක් නැතුව ලැබෙන එකම ආදරය තමා අපේ අම්මගෙනුයි,තාත්තගෙනුයි ලැබෙන ආදරය..එකේ විවාදයක් නැ.....මොකද අපි ලෝකේ දකින්නේ ඒ  2ගෙ ආදරය මැද්දේ හින්ද.....‍ඊටත් පස්සේ අපි තවත් අයගෙන් ඒ ආදරේ හොයන්ඩ යනවා.සමහරවිට මීට කලින් දැකලත් නැති,අදුරන්නෙත් නැති කෙනෙක්ට ආදරේ කරලා “ඒක මගේ ආදරේ කියල කියනවා.එයා කියන විදියට ඉන්න උත්සහ කරනවා, එයා ගැන හොයල බලනවා,එයාව සතුටින් තියන්න උත්සහ කරනවා...ඒත් ඒක ආදරේද?,ලෝබ කමද?,ආශාවද?..                     


ආදරේ ගැන කතා කරද්දී තව විශේෂම දෙයක් තමා මේ ආදරේට වෙන් වෙච්ච වෙනම වචන සෙට් එකකුත් කස්ටිය හදාගෙන තියනවා..ඒවයින් ටිකක් තමා“මල් කඩනවා-(පිරිමි ලමෙක් ගැහැණු ළමයෙක් සමග කතා කරන එක)..,”line දානවා-(ඉගි බිගි පෑම)..,”මේ සේරම අතරින් හොදම එක තමාboot 1-(පිරිමි ලමෙක් ගෑනු ලමෙක් අත හැරීම හෝ ගෑනු ලමෙක් පිරිමි ලමෙක් අත හැරීම.,)”ඉතිං ඔය වගේ වචන ගොඩක් “ආදර ඩික්ෂනරියට” ඇතුලත් වෙනවා...ඒත් එක්කම ආදරේ ගැන කතා කරද්දී දැන් නැතුවම බැරි දෙයක් නේ “රාගය” මං ඔය ගැන කතා කරන එක උචිත නැති හින්ද ඒ ගැන කතා කරන්ඩ යන්නේ නෑ...ඒත් ඒ ගැන දනගන්න ඕනෙමනං  හෙට බස් එකට ගොඩ වෙද්දි ටිකක් උවමනාවෙන් පිටිපස්ස ආසනය දිහා බලන්ඩකෝ........(සමහරවිට ඒ ඔයා වෙන්නත්  පුළුවන්)සමහර අය ආදරේ කරලා විදවනවා,තවත් සමහරු ආදරේ නොකර විදවනවා....කොහොම නැතත් දැන් ආදරේ හරියට sick 1ක් වගේ...දැන් නං ආදරේ හොයා ගන්න බැරි කමක් නෑ..මොකද රුපියල්-සත වලටත් ආදරේ විකිනෙනවා...තවත් අටුවා ටීකා ඕනේ නෑ...ආදරේ කරන අය සහ boot 1ක් කාපු අය දන්නවා ආදරේ මොකද්ද කියල...එතකොට ආදරේ කියන්නේ ආශාවද,නැත්තං ලෝබ කමද එහෙමත් නැත්තං රාගයද?....නැත්තං මේ සේරමද?....

ඇත්ත නේද??????

ජීවීතයත් පුදුම දෙයක්..අපි හැමදේම කරන්නේ ජීවත් වෙන්ඩ.නැත්තං ජීවීතේ ලස්සන කර ගන්ඩ.හරි හැටි තේරැමක් නැතත් එක්කෝ කවුරු හරි කරපු හින්ද කරනවා...නැත්තං කවුරු හරි කියපු හින්ද....අපි උදාහරණයක් ගම්මු,කවුරු හරි කාර් 1ක් ගන්නවා..කාර් 1ක් අවශ්‍යමද?.නෑ..එය ගත්ත හින්ද තව කෙනෙක් ගන්නවා...නැත්තං එයා කියපු හින්ද ගන්නවා..මටත් කරන්ඩ පුළුවන් කියල පෙන්නන්ඩ..තේරුමක් තියනවද?..කොහෙත්ම නෑ........



ඒ වගේමයි පොඩ්ඩක් ඔය ඔයා ගැන හිතලා බලන්ඩ,හැමදාම ජීවත් වෙන්නෑ කවුරැත්,ඒත් අනුන් ගැන මිසක් ඔයා ඔයා ගැන හිතලා තියනවද?...නෑ නේද?...සමහරවිට ඔයාට උහුලගන්ඩ බැරි දුකක් ඇති හිතේ,නැත්තං පසුතැවීමක් ඇති,දැන් ඔයා කියයි නෑ එහෙම කිසිම අවුලක් නෑ අපි නැව ගිලුනත් බෑං චූං කියල...ඒත් කාටවත් කියන්ඩ බැරි ප්‍රශ්න හැමකෙනාගේම හිත් ඇතුලේ තියනවා.....කොච්චර හිනා වෙලා හිටියත් ඔයා හිත ඇතුලින් ගොඩක් අඩනවා ඇති.කතාවක් තියනවනේ වැඩි පුර හිනා වෙලා ඉන්නේ හිතෙන් ගොඩක් අඩන මිනිස්සු කියල. කල්පනා කරලා බලන්ඩ ඔයාටත් එහෙම යාලුවෙක්  හරි ඉන්නවද කියල........


අහල බලන්ඩ වෙලාවක හිතෙන් අපි මේ කරන දේවල් වල තේරැමක් තියනවද කියලා....ඔය හොද නිවාඩු පාඩුවෙ ඉද්දි හොද ප්ලේන්ටියක් හදන් තනියම කල්පනා කරලා බලන්ඩ මේ දේවල්....ප්‍රශ්න කල් දාණ්ඩ එපා, මොන දුකක් හරි විදලා ඒ ප්‍රශ්න එවෙලෙම විසද ගන්ඩ.අනික ඔහේ ජීවත් වෙන්නෙ නැතුව තේරැමක් ඇතුව ජීවත් වෙන්ඩ................. ඒ හින්ද ඔයා ඔයා ගැන ටිකක් හිතලා බලන්ඩ..පරිස්සමින් වැඩ කරන්ඩ.දෙමව්පියන් ගාවදි වැරදුනාට කමක් නෑ...ඒත් සමාජෙදි ඔබට වරදින්න බෑ,මොකද අත හපන්ඩ මිසක්,අත දෙන්ඩ කවුරැත් නෑ........ඒක හොදට මතක තියා ගන්ඩ..........

Sunday, October 27, 2013

“ප” භාවිතය


මෙය අලුත් සොයා ගැනීමකි.ලගදීම කවුරැ කවුරැත් කොපි කිරීමටද පුළුවන.අපේ සෙට් 1 මේ දින වල විශේෂයෙන් මේ පුරසාරන් වැඩේ පුහුණු වෙමින් වතී..මෙහි ප්‍රරතිපලය වන්නේ ලග සිටින එකා හොද හැටි කෙල ස්නානය කිරීමය.ඇදුන් නැතිවම හසුවෙන් නාගැනීමට පුළුවන.මෙය ප්‍රෝඩාකාරී වැඩකි...පාරත් පාසැලත්  පුරා එකම හඩකි.

කවුරැන් හෝ මෙම අසම්මත වැඩසටහන ටන් ගන්නට ඇත. එහි පැහැදිලි කිරීමක් අවශ්‍ය නැත. තාමත් කාටවත් මේක පුළුල් ලෙස අවබෝද වන්නට නැතුව ඇති.....එහෙනං මේක හොද හැටි අවබෝද කරගන්ඩ....කාට හරි පොඩ්ඩකට ලගට පැමිණෙන්න කියල..ඊට ස්සේ මං මේ ලියල තියන දේවල් ශබ්දය වැඩි කරලා කියන්ඩ.. නොඅනුමානයි එයා කියයි කියයි “පොඩ්ඩක් එහාට වෙලා ප්‍රකාශ කරපන් මං කෙල නානවා කියල”...සමහරවිට දායාද වශයෙන් කනේ පාරක් හංබෙයි,සැලෙන්ඩ එපා.ආයි ආයි උත්සහ කරන්ඩ.මං දන්නවා මේක විශිෂ්ඨ සොයා ගැනීමක් වෙනවමයි..ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා..ප්‍රතිපල අයහපත් නොවේවා....
                                                                                                                                                                                                                                                                 (සැ:යු - භාවිතයේදි ප්‍රවේසංකාරි වන්න)  


                                                                

Friday, October 25, 2013

ඉදිරියේදීම....(pending)

කාටහරි කියන්ඩ පුලුවන්ද ජීවීතේ ලස්සනම කාලේ මොකද්ද කියල?...ආයි සැකයක් නෑ හැමෝම කියන්නේ ස්කොලේ ගිය කාලේ කියල....අපේ භාෂාවෙන් කිව්වොත් “මේ තරං ආතල්,පට්ට,කුප්ප කාලයක් තවත් නෑ”

                        ස්කොලේ paper වලට වැඩියෙන් ලකුණු අරන් සතුටු වෙනවට වඩා කරපු පට්ට පජාත වැඩක් මතක් උනහම තමා කාට වුණත් පැණි මූණ මතක් වෙන්නෙ...ඇත්තම කිව්වොත් දණගහනවා කියන්නෙත් “සල්ලි ගෙවන්නේ නැතුව බුරියානි කෑවා වගේ” වැඩක්..ඉතිං බිම්තැන්න අධිපතිත් තාම ඉන්නේ ඔය කුපාඩි වයසේ හින්ද ස්කොලේ වෙන මරැ සීන් අද ඉදල “පාසලේ ආතල්” පිටුවෙන් කස්ටියට රස කර කර කියවන්ඩ අවසරයි.....



(සැ:යු - පලිබෝදනාශක අනතුරැ සහිතයි,අත්හදා බැලීමෙන් වලකින්න)  

Wednesday, October 23, 2013

උද්ධමනය


මෙ දින වල බිම්තැන්න post උද්ධමනයකට ලක්ව ඇති අයුරැ කාටත් පෙනී ගිහින් ඇති.....ඇත්තටම මේකට ඍජුව වගෙම වටෙන් එන හේතුත් බලපාලා තියනවා......
              මේකට ඍජුවම වගකියන්ඩ ඕනෙ නිදහස් අධ්‍යාපනය....වටෙන් එන බලපෑම් තමා අපේ අම්මගෙ දැඩි පරිගණක වි‍රොධි බව....මේ සියලු දුක් කම්කටොලු ජය ගෙන බිම්තැන්න ඉදිරියටම යනවා.......ඒත් බරක් නොවන බරක් මේ දවස් වල බිම්තැන්නට දැනිල තියෙන්නෙ....‍ගොඩ දෙනෙක් ඒ ගැන දන්නෙ නැතුව ඇති...අන්න ඒ හින්දා තමා මං ඒ ගැන කියන්ඩ හිතුවේ......
                                 

ඒ වෙන මුකුත් නෙමේ...ඉරිදට GIT exam 1 තියනවා...අපෙ ගෙදරින් අමානුෂික බලපෑම් එල්ල වෙනවා....  COMPUTER 1 ලග වාඩි වෙන 1 බිම්තැන්න අධිපතිට ලොකු අභියෝගයක්.....ඔහොම තත්වයක් තියෙද්දි අපේ සමහර උන්ට විභාගෙ පේන්නෙ...

:අම්මට සිරි...මොනා ලියන්ඩද මංදා බං


තවඑකෙක්....

:කවුරැ ලගට වැටෙයිද දන්නැ බං COPPAK වත් ගහන්ඩ

තවඑකෙක්

:අඩෝ....අපිට ඉගැන්නුවද බං??????????

තවඑකෙක්

:අනේ බං මට NOTES ටිකයි, PARERS ටිකකුයි ගෙනත් දියන්කො

මේ සේරමත් එක්ක බිම්තැන්න අධිපති විදියට මමත් වැඩේ අතඅරින්නෙ නෑ......කොහොම හරි ‍ලෝකයාට අපේ colors පෙන්නන්ඩත් එපෑයෑ....ඉතිං මේ ටිකෙ post අඩු උනා කියලා කට්ටිය අමනාප වෙන්න නං එපා....

ඔන්න ඔක තමා බිම්තැන්නෙ උද්ධමනයට හේතුව.....

Sunday, October 20, 2013

ඇය

ඉතිං මං දැන් බොලොග් එක හදලා ටික දවසක් වෙනවා..මං ඒත් මං මෙහෙම එකක් හැදුවා කියලා මගෙ හොදම...හොදම..හොදම........යාලුවට කිව්වෙ අද උදේ..ඇත්තටම එයා යෙහෙලියක්....අපි ආතර මුකුත් තියනවා කියල හිතුවත් කමක් නෑ......කියපු ගමන් එයා කවියක් ලියලා දෙන්නංලු..මට බොලොග් එකට දාන්නලු..”....මං දන්නවා ඔයා ඇවිල්ලා බලනවා කියලා..බිම්තැන්නෙ පලවෙනි කවිය ඔයා අතින් ලියවුණ එකට ගොඩක් සතුටුයි....මෙන්න ඔයාගෙ කවිය


ඉරද නුබ,සදද නුබ,මිහිකතද නුබ මට.....                                                     මලක් සේ නුබ  සුන්දරයි මට....
පොතක් සේ නුබ කියෙව්වා මම...
මට මා අමතක වුවත් ඔබ අමතක නොවේ
සද.............................
ආදරේ නිම් දොරටු අබියස...
සැවොම අත් වැල් බදින්නේ....
සදාදර සොදුරු ප්‍රේමය සුවදවත්....
කරන්නම් මම.........................
ගෙවී ගිය 26, පුරා වසරක් ගෙවී
සංසාරේ හැම බවයකම නුබ....
හිමිකර ගන්නට පෙරුම් පුරම්....
හන්තානේ කදු අහියස................

                                                          
                                                                                               ...(නිසල වූ බිම්තැන්නේ පලමු අමා වැස්ස...)

Friday, October 18, 2013

අාරාධනාවයි

බිම්තැන්න.....අපේ X-ban දවස් වල මට හම්බ වුණා අප් නියම BC    අයියල සෙට් එකක් අපි ඉතින් ඔය වල් පල් කථා කර කර ඉද්දි මං දැක්කා මේ අයියලා අමුතු වැඩක් කරනවා....ඒ වෙන මුකුත් නෙමේ..කස්ටිය බොලොග් හදනවා..පොඩ්ඩක් හොයල බලද්දි තමා දන්නෙ මේ අය අපේ බණ්ඩාරනායකයේ බොලොගර් යූනියන් එක කියලා....
                 ඉතින් තහනම් අඩවියෙ අඩවි රජයි ,තනි වෙච්ච ගවේෂකයයි යටතේ මාත් බොලොග් එකක් හැදුවා......ඒ බොලොග් එක තමා
                              ..෴.බිම්තැන්න෴ ..



එන්න, සසල වූ ලෝකයේ නිසල වෙච්ච එකම එක බිම,බය නැතුව දෙපයින් හිට ගන්න....සුදු වෑන් වලට බය නොවී අදහස් ලියන්න..පිරිමියෙක් වගේ වෙඩි කන්න,බොලොග් අතර හොදම බිම..(තවත් එක් බොලොග් එකක් පමණක් නොවේ)                                   

                                                            -බිම්තැන්න අධිපති- 

Sunday, October 13, 2013

මගේ බ්ලොග් එක බලන හැමෝටම ස්තුතියි.දවසෙන් දවස බලන ඇය වැඩි වෙනවා....එහෙම වෙද්දී දැනෙන සතුට කියල වැඩක් නැ...මොකද මන් තාම බ්ලොග් 1 හදල දවස් 4 ද කොහෙද....හැමෝටම ස්තුති...අදුරන්නේ නැති උනාට කමක් නැ,...කියෝලා මොකක් හරි ලියල යන්ඩ..(විදවන්න නෙමේ විදින්න ඉතුරු කොටස් ඉක්මනටම ලියනවා)....

Thursday, October 10, 2013

හිතේ ඇති සතුට

අදත් ඕන්න අපි වැඩේට  බහින්ඩ උදෙන්ම ස්කෝලෙට අවා..අදත් හොද ගැනු ලමෙක් අල්ලන් අපේ වැඩ පෙන්නන්ඩ හිත ගෙන,ලැප් එකත් අරන් බස් එකට ගොඩ උනාම කස්ටියම ඔන්න මන් දිහා බැලුව,උදේ පාන්දර සමනල කාන් ලුක් එකක් හිතට අරන් බස් එකෙන් බැස්ස.බැහැල ස්කෝලෙට ඇවිත් lab 1 ලගට අවහම අනේ මට හිතුන දේවල්,තාම ලැබ් 1 වහල......ක්ස්ටියගේම පරම්පරාවල් සේරම මන් පාන්දර සිහි ගන්වල ලැබ් එක අරින කන් හිටිය,.......ඔහොම ඉද්දි තමා මේක ලියන්ඩ හිතුනේ,

                                                                                                                        ....සතුට විදිමින්...