Monday, October 28, 2013

ඇත්ත නේද??????

ජීවීතයත් පුදුම දෙයක්..අපි හැමදේම කරන්නේ ජීවත් වෙන්ඩ.නැත්තං ජීවීතේ ලස්සන කර ගන්ඩ.හරි හැටි තේරැමක් නැතත් එක්කෝ කවුරු හරි කරපු හින්ද කරනවා...නැත්තං කවුරු හරි කියපු හින්ද....අපි උදාහරණයක් ගම්මු,කවුරු හරි කාර් 1ක් ගන්නවා..කාර් 1ක් අවශ්‍යමද?.නෑ..එය ගත්ත හින්ද තව කෙනෙක් ගන්නවා...නැත්තං එයා කියපු හින්ද ගන්නවා..මටත් කරන්ඩ පුළුවන් කියල පෙන්නන්ඩ..තේරුමක් තියනවද?..කොහෙත්ම නෑ........



ඒ වගේමයි පොඩ්ඩක් ඔය ඔයා ගැන හිතලා බලන්ඩ,හැමදාම ජීවත් වෙන්නෑ කවුරැත්,ඒත් අනුන් ගැන මිසක් ඔයා ඔයා ගැන හිතලා තියනවද?...නෑ නේද?...සමහරවිට ඔයාට උහුලගන්ඩ බැරි දුකක් ඇති හිතේ,නැත්තං පසුතැවීමක් ඇති,දැන් ඔයා කියයි නෑ එහෙම කිසිම අවුලක් නෑ අපි නැව ගිලුනත් බෑං චූං කියල...ඒත් කාටවත් කියන්ඩ බැරි ප්‍රශ්න හැමකෙනාගේම හිත් ඇතුලේ තියනවා.....කොච්චර හිනා වෙලා හිටියත් ඔයා හිත ඇතුලින් ගොඩක් අඩනවා ඇති.කතාවක් තියනවනේ වැඩි පුර හිනා වෙලා ඉන්නේ හිතෙන් ගොඩක් අඩන මිනිස්සු කියල. කල්පනා කරලා බලන්ඩ ඔයාටත් එහෙම යාලුවෙක්  හරි ඉන්නවද කියල........


අහල බලන්ඩ වෙලාවක හිතෙන් අපි මේ කරන දේවල් වල තේරැමක් තියනවද කියලා....ඔය හොද නිවාඩු පාඩුවෙ ඉද්දි හොද ප්ලේන්ටියක් හදන් තනියම කල්පනා කරලා බලන්ඩ මේ දේවල්....ප්‍රශ්න කල් දාණ්ඩ එපා, මොන දුකක් හරි විදලා ඒ ප්‍රශ්න එවෙලෙම විසද ගන්ඩ.අනික ඔහේ ජීවත් වෙන්නෙ නැතුව තේරැමක් ඇතුව ජීවත් වෙන්ඩ................. ඒ හින්ද ඔයා ඔයා ගැන ටිකක් හිතලා බලන්ඩ..පරිස්සමින් වැඩ කරන්ඩ.දෙමව්පියන් ගාවදි වැරදුනාට කමක් නෑ...ඒත් සමාජෙදි ඔබට වරදින්න බෑ,මොකද අත හපන්ඩ මිසක්,අත දෙන්ඩ කවුරැත් නෑ........ඒක හොදට මතක තියා ගන්ඩ..........

2 comments:

  1. හ්ම්ම්ම් සමාජෙට වැරදි කියනන් කලින් අපි හැදිලා ඉන්න ඕනේ අපිට සමාජේ හදන්න බැහැ

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත...ඒක තමා මං කිව්වෙ ටිකක් හිතලා බලන්ඩ තමං,තමං ගැන කියලා...

      Delete