පියෙක්,කැරලිකාරයෙක්,ගුරුවරයෙක්,දාර්ශනිකයෙක්,තම
නිදහස වෙනුවෙන් මුළු ලෝකයක් අවදි කල පුද්ගලයෙක්....අවසානය කුමක් උවත් ලොවම අවදි කල
ඔහු නමින් “චේ ගුවේරා”. ලොව පුරා සමාජවාදී බීජ වපුරවමින් තරුණ හදවත් ඇමතු
මොහු තම ජීවිත කාලය තුල ලියපු අවසන් ලියුම ගැන තොරතුරු කීපයක් දැන් ඔබට කියවන්න
පුළුවන්...
එක් මූලාශ්‍රයක දැක්වෙන්නේ
චේ සිය ජීවිතයේ අවසන් වසන්ත කාලය්දී හා
ගිම්හාන කාලයේදී ආජන්ටිනවෙ වාසය කල බවයි...එමෙන්ම ඔහුගේ ආරක්ෂකයා වන “පොම්බෝ”
පවසන්නේ 1996 මැයි මාසයේ චේ ස්ථීර වශයෙන්ම හවානාහි සිටි බවයි.ඔහු මේ කාලයේදී තමන්ගේ බාහිර ස්වරූපය වෙනස් කර ගෙන දැඩි
මුරකාවල් මධ්‍යයේ සිටි බවද හෙතෙම පවසයි.මේ කාලයේදී චේ හදුනා ගැනීමට ඔහුගේ දරුවන්ට
පවා නොහැකි වූ බව පොම්බෝ පවසයි.
චේ ගේ පළමු විවාහයේ දියණිය
“හිටිල්ඩා” ට සිය පියාගේ වෙස් වලා ගැනීම පිලිබදව
මතකයක් තිබේ.ඇය පවසන්නේ තම පියාගේ විදෙස් ගමන් බලපත්‍රයේ කන්නාඩි දමා ලබා ගත්
ඡායාරූපයක් අලවා තිබූ බවයි.එම රූපයේ ඔහු පයිප්පයකින් දුම් උරා බොන බවත් ඔහු
උරුගුවෙ ආර්ථික විශේෂඥයෙක් මෙන් පෙනෙන බවත් ඇය පවසයි. දියණිය පවසන්නේ මේ පුද්ගලයා සිටි නිවසට මව
තමන්ව කැදවාගෙන ගිය අයුරු මතකයේ ඇති බවයි.

හිටිල්ඩා:- දිනක්
මට දැනගන්න ලැබුනා මගේ පිය මිය ගිය බව.ඒ ආරංචිය ලැබුන අවස්ථාවෙ මගේ අම්මා මා ලගට
ඇවිත් එදා හමුවුන රාමොන්ගේ ඡායාරෑපයක් හා ලිපියක් මට පෙන්වූවා.රාමොන් ලෙස පෙනී
සිටියේ මගේ පියා බව මං එවලේ අම්මගෙන්
දැනගත්තා...
චේ 1967 පෙබවරවාරි 01 දින
හිටිල්ඩගේ 10 උපන්දිනය සදහා මෙහෙම ලිපියක් යවා තිබිණ.මෙය චේ ගේ අවසන් ලිපිය විය.
ආදරණීය හිටිල්ඩා.....

මේ
-තාත්තා-
චේ පවසා ඇති පරිදිම මේ ලිපිය
දරුවන් අත්ට පත් වන විට චේ ජීවතුන් අතර සිටියේ නැත.මෙය චේ ගේ අවසන් ලිපිය
විය.
පුතෙකු වූවා ඔබේ මවට....
සොහොයුරෙකු විය ඇය හට.....
සැමියෙකු පියෙකු වන්නට දුන්නේ නෑ....
රුදුරු ලෝකය නුබට.....
නොදුටුවත් පියවි දෑසට.....
පුතෙකු සොයුරෙකු වූ නුබ.....
වීරයෙකි සදහට...............