Tuesday, November 26, 2013

මවු නුවනින් සැමදා තෝරන්නේ...??


මිහිමත සියල්ල නිර්මාණය වන්නේ මවගේ කිරි වලින් හා හිරුගේ රශ්මියෙන් යැයි සුප්‍රසිද්ද ලේකකයෙකු වූ මැක්සිමම් ගෝර්කි වරක් පැවසීය.සැබෑ ලෙසම මෙහි සත්‍යයතාව අපට වටහා ගත හැකිය.අපි එසේ සිතන්නේ ලාංකේය සමාජය පමණක් නොවෙයි,දසත වෙසෙන සියලුම මවුවරුන් විසින් ලෝකය නිර්මාණය කරන්න මුලික අඩිතාලම දැමීම තම කාර්යයේ එක අනිවාර්ය කොටසක් ලෙස සිතන බැවිනි.
                      

අප සමාජයේ ඉදිරියට ගෙන යනු ලබන සියල්ල පිටුපස සිටින්නී අම්මාය...මතක් කර ගන්න..ඔබත් ජීවය ලබා ගත්තේ ඔබගේ මවූ කිරි වලින් නොවේද?..ලොව සිටින උතුම්ම ජීවය නම් අපේ අම්මාය”....ඔබ මෙලොව එලිය දුටු දවසේ පටන් ඇගේ ලේ කිරි උනේ සෙනෙහස නිසා නොවද???....
         ව්‍යාජ ප්‍රාතිහාර්ය පාන ළදරු කිරි පිටි දැන්වීම් ඔබ කොතෙකුත් දැක ඇති.නමුත් ළදරු කිරිපිටි ගැන මේ කිරිපිටි සමාගම් හා වෙළද ප්‍රචාරණ ආයතන පතුරුවන්නේ දැවැන්ත මිත්‍යාවක් බව ජනතාවාදී වෛද්‍යවරුන් ඇත ලොස්සක් පවසනු අප අසා දැක තිබෙනවා.කෙසේ වෙතත් මගේ මේ කතාව ගොන් කිරි ගැන නෙමෙයි...අපිට ජීවයක් වෙච්ච මවු කිරි ගැනයි..සැබවින්ම ප්‍රතිහාර්යයන් පාන මවු කිරි ගැන.
                   ඔබ දන්නවද මවු කිරි බොන දරුවන් තුල මානසිකව දරා ගැනීමේ ශක්තිය ගොඩ නැගෙන බව?.මෙය බ්‍රිතාන්‍යයේ සිදු කෙරුණු අද්‍යයනයකින් හෙළි වී තියෙනවාමවු කිරි දීමේදී දරුවා සහ මව අතර ගොඩනැගෙන කායික හා මානසික බන්දනයද ඒ සදහා හේතු වෙනවා.මවු කිරි බොන මුල් මාස හය තුලදීම බිලිදු දරුවා එම ශක්තිමත් බාවයේ අඩිතාලම දමා ගන්නවා.
ස්වීඩනයේ ස්ටෝක්හොම්හි කරෝලිනිස්කාආයතනය 9000ක නියැදියක් ඇසුරෙන් කල අද්‍යනයකට අනුව කුඩා වියේදී මවු කිරි ලද දරුවන් මවු කිරි නොලද දරුවන්ට වඩා හතර ගුණයකින් පමණ මානසික ශක්තිමත් බාවය අතින් ඉහලින් සිටින බවත් හෙළි වී තිබෙනවා.ඒ වගේම මවු කිරි මගින් ආසාදන,හෘද රෝග,දියවැඩියව හා තරබාරු බව පාලනය කෙරෙන බව හෙළි වී තිබෙනවා.

වෙළද උපක්‍රම වලට රැවටී,හැකි ඉක්මනින් තම තැන පුඩුව ළදරුවාගේ මුවින් මුදවා සූප්පුවෙ ළදරු කිරි පිටි පොවන්නට උත්සුක වන අම්මලට ඒ ගැන 2වරක් සිතන්නට කාලයත් අවස්ථාවත් ඇවිත්.

Saturday, November 2, 2013

Chit එක

අද නං පට්ට පජාත දවසක්.පජාත කිව්වට පජාත මත් නෑ...ඒ හින්ද පට්ට දවසක් කියමුකෝ....කතාව අහල ඔගොල්ලොම ඒක තීරණය කරන්ඩකෝ..


ඔන්න ඉතිං බිම්තැන්න අදිපතිට අද අමානුෂික පංති දිනයක්.මොකද මේ පංතියේ ඔලුව කෙලින් ඉන්නවා කියන්නේ ඇත්තටම ටිකක් අමාරු වැඩක්.පොඩ්ඩක් ඇහැ පියවුන ගමන් සර් වස ලැජ්ජාවක් නැතුව stage 1 ඉදන් යටිගිරියෙන් කෑ ගහනවා..අපිට විතරක් නෙමේ ඉතිං මුළු ප්‍රදේශයටම ඇහෙනවා....ඒ වෙලාවට ඉතිං අපිට‍ වෙන්නෙ “ගහෙන් වැටිච්ච මිනිහ දේවාලෙට ගිහින් ගොනා ඇනල දේවාලේ කඩන වැටුනා” වගේ වැඩක්...මොනා කරන්ඩද ඉතිං වවුලගේ ගෙදර ගිය නං එහෙම ඉන්ඩ ඕනේ කියනවනේ...ඕං ඉතිං කතාවෙන් track outනේ....


මෙන්න මේකයි කතාව අදත් ඉතිං පංතියට ගිහින් bag 1 තියලා කස්ටිය එක්ක එලියට එන්නෙ “පාරේ යන කෙළිලොල් වයසේ ගැටිස්සියන්ට නොහොබිනා කතාවක් කියන්ඩ”...ඔහොම ඉතින් ඉන්න කොට time 1ත් යන්නේ “NOS” දාල වගේ....වෙලාව කිට්ටු වෙලා අපි කස්ටිය පංතිය ගාවට යද්දී අපේ පංතියේ ඉන්න ප්‍රසිද්ද බාලිකා පාසලක ගැටිස්සියෝ ටිකක් අපේ bag ඇද ඇද ඉදල මුකුළු පාලා අපි එනවා දැකල දිව්වා.......අපිටත් හිතා ගන්ඩ බෑ මක්කැයි කොලේ කියල...............මොකද පංතියේ අපිත් එක්ක attack 1ට වැඩ කරන්නේ මේ කට්ටිය හින්ද...අපි ඉතිං bag අවුස්සලා බලද්දී තමා දැක්කේ අපේ කොල්ලෙක්ගේ බෑග් එකක මොකද්ද මන්ද කොළ කෑල්ලක් තියනවා.......එකේ මෙන්න මෙහෙමලු තිබ්බේ...(කැමති තාලයක් අල්ල ගන්ඩකෝ...)
                                
මේක කියෙව්වට පස්සේ  අරු මෙහෙමලු
                       අහසට සොදුරුද සද කෙතරම්...
                       ගසකට සොදුරුද මල මෙතරම්...
                       සයුරට සොදුරුද රල කෙතරම්..
                       එතරම් මිහිරි ඔබ මට නම්....                                     
වැඩේ කරපු ගෑනු ළමයි සෙට් 1 මෙහෙමලු





අනේ ඉතිං අපේ එකාගේ “පැණි මූනයි හුරතලයයි හරි අවදානම් කියල” අපි සද්ද නැතුව හිටිය...එත් හොදට බලද්දී තමා දැක්කේ "යකෝ මේකේ ගැටිස්සියෙක්ගේ නම්බර් 1ක් තියනවා කියල.... ප්‍රීති ප්‍රීතී..!!!!
                                   
                               ඔන්න එහෙනං කස්ටිය බලා ගන්ඩකෝ ඒ number 1 මොකද්ද කියල..මං මේක දුන්න කියල කාටවත් කියන්ඩ එහෙම එපා....හොදේ??....අනේ ඉතින් හොද නැනේ නේද...මොනා නැතත් ගැටිස්සියෙක්නේ......පහලටම යන්න number 1 තියනවා.හොද දේවල් ගණන්නේ නේ........
පංතියෙන් එලියට ආපු අපි 

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
තව ටිකක් පහලට යමු
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..
.
.
.
.
.
.
.
.
 ගොඩක් වටිනවා වගේ number 1

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඇයි මීට කලින් mobile numbers දැකල නැද්ද??...නිකන් වැඩක් බලන් යනවා මනුස්සයෝ යන්ඩ.....